ඉස්සර මන් පොඩි කාලේ (මේ කියන්නේ 1992 විතර, මට වයස අවුරුදු 7 - 8 කාලේ වගේ ඉඳලා) මේ චිත්රපට ගීතය බලන්න මම ආසයි. වෙන හේතුවක් නෙමේ. වීඩියෝ එකේ අග හරියේ ඔය light house එකේ තියෙන ලොකු ඇන්ටෙනා එක බලන්න අසාවෙන්.

දැන්නේ ඉතින් හේතු දන්නේ ඕවට. මගෙ ඔය රේඩියෝ ට්රාන්ස්මීටර් පිස්සුව උපතින් ආපු එකක්ද කොහෙද. ඒකනේ දැන් බලපත්ර අරං Amateur radio operate කරන්නේ.
ඒ වගේම මේ ගීතය, ගායනය වගේම සංගීතයත් අති විශිෂ්ටයි කියලා දැන් තේරෙනවා.

අද උදේ ඔෆිස් එන්න ලෑස්ති වෙලා මේ ගීතය ITN එකේ යනවා දැකලා වීඩියෝ එකේ පෙන්වන Light house එකේ ඇන්ටෙනා එක බලලයි ඔෆිස් ආවේ. විනාඩි පහක් ප්‍රමාදයි !
මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!
ReplyDeleteප්‍රතිචාරයට බොහොම ස්තුතියි!
Delete