එක සැරේටම හිතට දැනෙන්නේ නැති උනත්, කල්පනා කරනකොට මතුපිටින් ඇති අරුතට වඩා ගැබුරු අරුතක් ඇති මේ ගීතය අසා බලන්න.
අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ, සිතුවිලි පව්වේ පෙරදිග අහසේ, හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි.....
හිමිදිරි යාමේ සිත නැමැති පව්වේ පෙරදිග, බුදුරැස් දැක ගත්තෙමි. සමාධිමත් වූ සිතක ප්‍රභාශ්වර සමාධි ආලෝකය තුලින් බුදු රුව දැක ගත්තෙමි..... සිතේ සමාධිය දියුණු වන විට කෙළෙස් තුනී වීම සමග මෙතෙක් කල් අදුරුව පැවැති සිත නමැති අහස, අරුණළු සමග ආලෝකමත් වන පෙරදිග අහස මෙන් ආලෝකමත් වීම, භාවනාව තුළින් සමාධිය දියුණු කරගත්ත කෙනෙකුට සිදුවෙන දෙයක්.
"කළුවර ගොණුකොට ගිමන් දවන මග ගමන් කළෙමි දුර සසර පුරා..." අප්‍රමාණ සද්ධාව තුළින්, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන සියළු සැක සංකා දුරු වන මොහොත (සෝවාන් අවස්ථාව) එළබෙන විට, සංසාර ගමන මොන තරම් දුක් සහිතද කියන අවබෝධය ලැබේවි. අවිද්‍යාව නිසා, මෙතුවක් කාලයක් පස්කම් සැප එක්තැන් කරගෙන දුර සංසාරය පුරා ගමන් කළ බව වැටහේවි...
"මහ කරුණාවේ සිලිල ගලා එන බුදු හිමියනි ඔබේ මෙත් දහරේ, නැහැවෙමි සසරෙහි කෙළෙස් මුදා හැර...." අවම වශයෙන් ධ්‍යාන දක්වා වත් සිත දියුණු කළ අයෙක්, මේ ලෝකයේ ඇති සියලු සැප අභිබවා යන ධ්‍යාන සුඛය වර්ණනා කරාවි. බුධ්ධානුස්සතිය දියුණු කළ කෙනෙක් නම්, ජීවිතය ගැන ආශාව පවා අත්හැර, බුද්ධ මයිත්‍රීය තුළ නැහැවෙමින් සිටීවි.......
වැරදි අඩුපාඩු ඇත්නම් සමාවෙන්න. මගේ සිතට දැනුන හැගීමක් මෙලස අකුරු කලේ.....
තවත් සිතා බලන්න. අත්දකින්න උත්සාහවත් වෙන්න....