ඉස්සර මන් පොඩි කාලේ (මේ කියන්නේ 1992 විතර, මට වයස අවුරුදු 7 - 8 කාලේ වගේ ඉඳලා) මේ චිත්රපට ගීතය බලන්න මම ආසයි. වෙන හේතුවක් නෙමේ. වීඩියෝ එකේ අග හරියේ ඔය light house එකේ තියෙන ලොකු ඇන්ටෙනා එක බලන්න අසාවෙන්.

දැන්නේ ඉතින් හේතු දන්නේ ඕවට. මගෙ ඔය රේඩියෝ ට්රාන්ස්මීටර් පිස්සුව උපතින් ආපු එකක්ද කොහෙද. ඒකනේ දැන් බලපත්ර අරං Amateur radio operate කරන්නේ.
ඒ වගේම මේ ගීතය, ගායනය වගේම සංගීතයත් අති විශිෂ්ටයි කියලා දැන් තේරෙනවා.

අද උදේ ඔෆිස් එන්න ලෑස්ති වෙලා මේ ගීතය ITN එකේ යනවා දැකලා වීඩියෝ එකේ පෙන්වන Light house එකේ ඇන්ටෙනා එක බලලයි ඔෆිස් ආවේ. විනාඩි පහක් ප්‍රමාදයි !