Tuesday, February 13, 2018

හුනුලා බකලා...

Image Source : http://editorial.ada.lk/wp-content/uploads/file/Capture(915).jpg


දැක්ක ගමන් මොකක්ද හිතුනේ? හදිස්සියේම මේක මතක් උනේ මේකට අදාල බෝඩ් එකක් දැකලයි.

ඉස්සර ස්වදේශීය සේවයේ (හෝ රජරට සේවයේ) ඉරිදා හවස 6.30 ට ගියා "සභාවෙන් අවසරයි" කියලා වැඩසටහනක්. මම මේ කියන්නේ මම ඉස්කෝලේ 7 වසරේදී වගේ. ඒ කියන්නේ 1997 දී වගේ කාලයක. මේ වැඩසටහන කෙරෙන්නෙ ගමක තියෙන සමිතියක් වගේ.... එහෙම හිතමුකෝ. සමිතියේ  සභාපති තමයි "හේරත් එප්පාවල" කියන මහත්මයා. එතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමියෙක්. එතුමා ළගක් වෙනකන්ම රජරට සේවයේ වැඩසටහන් වලට ආවා මතකයි. ගුවන් විදුලියෙන් මේක ඇහුවත්, ඇත්තම සමිතියක ඉන්නවා වගේ ච්ත්ත රුප මවන්න මේ වැඩසටහන සමත් උනා.

ඉතින් ගොඩක් දවස් වලට ගැමි ජීවිතයට සම්බන්ධ එක එක දේවල් මේ සභාවේ කථා කෙරෙනවා. කොහොමත් මම පොඩි කාලේදී ඉදන්ම මේ වගේ දේවල් අහන්න අසයි. ඉතින් ඉරිදා හවස් වෙනකන් ඉන්නේ මේ වැඩසටහන අහන්නයි.

මේ වැඩසටහන 7.00 ට ඉවර වෙනවත් එක්කම රේඩියෝ 1 කරකවන්නේ කෙටි තරංග (SW) වලට. නමක් නොදන්නා විදේශීය සිංහල සේවයක ( 'පිලිපීනයේ මැනිලා නුවර සිට විකාශය වන' කියලා කියනවා නම් මතකයි) යන ධර්ම දේශනාවක් අහන්න. ඒ දවස් වල ගුවන් විදුලි ධර්ම දේශනා හරිම අඩුයි. ඉරිදා උදේ 8.00 ඉදල 9.00 වෙනකන් ස්‌වදේශීය සේවයේ බන අහනවා. නාලිකා තිබුනේ ස්වදේශීය සේවය, වෙළද සේවය සහ රජරට සේවය විතරයි මට මතක විදියට. ඉස්සර 1992 දී විතර "හඳ මාමා" ඇහුවා ස්වදේශීය සේවයෙන්. තිබුනෙත් FM නෙමේ. MW රේඩියෝ.

මගේ මතකය ගැන පුදුම වෙන්න එපා ඔන්න. තවම 5 වසරේ විභාග අංකය පවා මතකයි... හී හී ....

ඇත්තටම ආයෙත් ආසයි ඒ කාලයට යන්න...........

මගදී දැකපු පොඩි දැන්වීමක් මාව දුර අතීතයට ගෙන ගියා......
නිකන් අයෙත් කියවලා බලන්න "හුණුලා බකලා" --> "හුණු ලාබ කලා". මේ වචන හරබය මම ඇහුවේ සභාවෙන් අවසරයි වැඩසටහනේ එක්තරා දිනක සභාපති තුමාගේ මුලාසන කථාවේදී. එතුමා එදා කිව්වේ සිංහල උනත් හරියට වචන ගලපලා ලියන්න කියන දෙයයි..........

6 comments:

  1. අතිතය සුන්දරයි තමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ... එත් දැන් ඒවා මතකයන් පමණයි

      Delete
  2. අතිශයින් සුන්දරයි! අපේ මතක ඔයිටත් එහා!! ඒ නිසාම හිතට දැනෙන දුක පාලුව කාංසියත් එහෙමමයි!!!

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත තට්ටයෝ. අත්දැකීම් අකුරු කරන්න අපිටත් කියවන්න.

      Delete
  3. මට මතකයි ඉස්සර සඳුද රෑ අපි යනව ඉස්සරහ ගෙදර රේඩියෝ එකේ මුවංපැළැස්ස අහන්ඩ. කහපාට පරණ රේඩියෝ එකේ පස්සෙං වයර් දෙකක් ඇදල, සුරුප්පු පෙට්ටියක දාපු බැටරි කෑලි හයකට සම්බන්ධ කරල තිබුණ. තාම නිකං ඔලුවෙ තෙල් ගාල අතගානව වගේ දැනෙනව මුවංපැළැස්සෙ වයලින් පාට් එක මතක් වෙද්දි.

    හඳමාම කළේ කේ ජයතිලකගෙ නෝන මහත්තෙය. අපි පොඩි කාලෙ ඒක අහන්නෙ වෙන මොකටවත් නෙවෙයි ඒකෙ ගිරව කෑගහනව අහන්ඩ.

    විනෝද සමය, අම්බිගා ගීතයෙන් ගීතය, විනාඩියක් පමණයි, බස් රස බස්, එදා අප දුටු සිංහල චිත්‍රපටියකින්... තව කොච්චර නම් තියෙනවද මතක් කරනකොට... ඉබේටම අතීතයට ගිහිං ආයම පුංචි ළමයෙක් වෙනව.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ අවාට ස්තුතියි ඩ්‍රැකී. අතීත මතකයන් ගොඩක් හිතේ ඉතුරු කරලා තාත්තා පහුගිය දවසක අපිව හැර ගියා. වෙලාව ලැබෙන විදියකට ඒ මතකයත් අකුරු කරන්න උත්සහ ගන්නම්කො.

      Delete