කොහේ යන්නද ප්‍රමාද වෙන්නෙ?
හිතට ලොකු භයක් දැනුන සිදුවීමක් අහන්නට ලැබුනා. සමහර අයට නම් මේක "හුරු" දෙයක් වෙන්න ඇති.
මේක අපේ හාමුදුරුවන් වහන්සේලා ගැනයි. සමහර ස්වාමීන් වහන්සේලා දැන් දැන්, දානය සඳහා ලැයිස්තු දීමෙන් වෙන්නේ දායකයා සස්නෙන් ඈත් වීමයි. විශේෂයෙන්ම එම දාන වට්ටෝරුවේ මේ මේ ලෙස තිබිය යුතු බවට පනවන නීතියන්, කොයි තරම් ඒ ගෞරවණීය ස්වාමීන් වහන්සේලා බුදුන් වදාළ මාර්ගයෙන් ඉවත් වී ඇති බවට පෙන්වන සාධකයකි.
සියල්ල මොහොතක් පාසා "අනිත්‍ය" නම් වූ ධර්මතාවයට යටත් වන බව බුදුන් වහන්සේ දේශනා කළා, දෙසවනෙන් ඇසුවා මතකයි. මේ සියල්ල අද සිටින පින්වත් ස්වාමීන් වහන්සේලාගේ වරදක් නොව, ධර්මය සතු සංදිට්ඨික බව ඉක්මනින් අතුරුදහන් වෙමින් පවතින බව හඟවන සාධකයි.
නොදැනීම දෑසට කදුළක් නැගුනේ, බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයටත් අනිත්‍යතාව නම් පොදු ධර්මතාව නිසා "ගෞතම බුද්ධ සාසනය" නමැති පහන් සිළ නිවී යාමට ඉතා ආසන්න බව වැටහීමෙන්ද, නැතිනම් තවමත් සසරින් මිදී නොමැති මා, මේ සාසනය මඟ හැරුනොත්, තව කල්ප ගණනකින් ප්‍රමාද වීමට ඉතා අසන්න බව වැටහීමෙන්ද යන්න ගැන නම් බොහෝ වේලා යනතෙක් කල්පනා කළා මතකයි.
"සංසාරය" නමැති ඉමක් කොණක් නොපෙනෙන සයුර තරණය කරන්නට තිබුන "තථාගත ධර්මය" නමැති එකම යාත්‍රාවටත් අනිත්‍ය බව උරුම වන බව නේද උන්වහන්සේ පිරිනිවන් මංචකයේදී පවා දේශනා කළේ?
පෙර කවරදාකටත් වඩා සංසාර භයක් සමඟ අනිත්‍ය සංඥාව සිතේ ප්‍රභලව වැඩුනා මතකයි............