Tuesday, November 14, 2017

අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා....

*********************************************************
අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා....
හද සෝක තැවුල් නිවනා....


චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී....
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ
ආදර බස් කියනා.....
හඬ දේවිනි කන් පිනනා....

අත් පසුරෙන් තුරු පෙම්බරයන්
බඳ බන්දා සෙනේ සිතිනි...
ලිය වැල් පැටලී ගොසිනී.....

පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
මාරුතයේ හැපිලා.....

මන්මද රංගන මණ්ඩපයේ මෙම
මන්ද බලා හිඳි
නේ.....
තව පෙම්බර මා සාමිනේ......

අන්න බලන් 
සඳ ......

*********************************************************

තනිකඩ ජීවිතයේ පාළුව මකාගන්න සංගීතය තරම් තවත් ඔසුවක් නැති බව,  හුදෙකලාව මාර්ග සංවර්ධන අධිකාරියේ නිළ නිවාසයක වෙසෙමින් ජීවිතයෙන් බොහෝ කාලයක්  ගෙවා දමන මම ප්‍රත්‍යක්ෂව දනිමි. දඩිබිඩි සංගීතයට එතරම් කැමැත්තක් නැතත්, රසයක් ඇති ඕනෑම ගීතයකට ප්‍රිය කරන්නෙමි.

මේ අටුවා ටීකා ලියන්නට සිත් වුනේ පසුගිය දිනෙක මා සතු ගීත එකතුවක්  (ඔව් ඔව්.. පරිගණකයේ තිබුන mp3 ටිකක් තමයි :-) ) play list 1 ට සම්පුර්ණයෙන් ඇතුලත් කර shuffle playback කරද්දී ඇසුන ඉහත ගීතය නිසාවෙනුයි.

--------------------------------------------------------------------------------------

පෙර කථාව:

ස්ථානය : Ivor Jennings ශාලාව, පේරාදෙණිය විශ්ව විද්‍යාලය.
කාලය : අපි එතකොට 3rd Year (2009)

ඩොකා (රුවන් සම්පත් සහෝදරයා) කියන්නෙත් අපේ batch 1කේ අපි වගේම තවත්  Jennings වැසියෙක්.

ඩොකා : මචන් Ambalaya, මෙන්න මේ pen 1 කේ තියෙනවා වල සතියේ paly කරන සින්දු ටික. මේක copy කරගත්තේ ***** ගේ (ආර්ටෙක්ගේ කාර්ඩ් 1ක් )  lap 1කේ තිබිලා . මේ ටික copy කරගනින්.

මම :  thanks මචන්.

--------------------------------------------------------------------------------------

එදා ඒ save කරගත්ත සින්දු ටික තවමත් hard disk 1කේ සුරැකිව තියෙනවා නේද කියලා මට මේ අතීත කථාවත් එක්කම මතක් වුණා... හරියට වල සතියේ මේ සින්දු ටික නාට්‍යක් පටන් ගන්න කලින් යකඩ කටවල් වලින් ඇහෙද්දී මගේ හිතට දැනුන හැහීම හිතේ කොනක තවමත්  සුරැකිව තියෙනවා වගේ.....

මොරටුව සරසවියෙන් පශ්චාත් උපාධියක් කළත් තවමත් අපේ ජීවිතත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයත් කියන්නේ දෙකක් නොව එකක්ම බවයි මේ වගේ සිද්ධි වලින් දැනෙන්නේ..................


මෙන්න ඒ ගීතයට Link  ක්..

https://www.youtube.com/watch?v=sZGkFPmAwfs

4 comments:

  1. ලොකු හේතුවක් නැතත් මාත් කැමතියි ඒ සිංදුවට. ඩ්‍රාම එක බලන්න නං හම්බෙලා නෑ මට.

    අදයි ආවෙ මේ පැත්තෙ. එහෙ ඇවිත් මගසළකුණු තියල ගියාට ඉස්තූතියි.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ඔබව !

      Delete
  2. මම ආදරය කරන්න ලස්සන ගීතයක් .
    ඩ්‍රැකී කිව්වා වගේ කොමෙන්ටුවක් හරහා තමයි මමත් පාර හොයාගෙන ආවේ .
    දිගටම ලියන්න සුභ පතනවා !

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා වගේම දිරිගැන්වීමට ස්තුතියි.

      Delete