කොහේ යන්නද ප්‍රමාද වෙන්නෙ?
හිතට ලොකු භයක් දැනුන සිදුවීමක් අහන්නට ලැබුනා. සමහර අයට නම් මේක "හුරු" දෙයක් වෙන්න ඇති.
මේක අපේ හාමුදුරුවන් වහන්සේලා ගැනයි. සමහර ස්වාමීන් වහන්සේලා දැන් දැන්, දානය සඳහා ලැයිස්තු දීමෙන් වෙන්නේ දායකයා සස්නෙන් ඈත් වීමයි. විශේෂයෙන්ම එම දාන වට්ටෝරුවේ මේ මේ ලෙස තිබිය යුතු බවට පනවන නීතියන්, කොයි තරම් ඒ ගෞරවණීය ස්වාමීන් වහන්සේලා බුදුන් වදාළ මාර්ගයෙන් ඉවත් වී ඇති බවට පෙන්වන සාධකයකි.
සියල්ල මොහොතක් පාසා "අනිත්‍ය" නම් වූ ධර්මතාවයට යටත් වන බව බුදුන් වහන්සේ දේශනා කළා, දෙසවනෙන් ඇසුවා මතකයි. මේ සියල්ල අද සිටින පින්වත් ස්වාමීන් වහන්සේලාගේ වරදක් නොව, ධර්මය සතු සංදිට්ඨික බව ඉක්මනින් අතුරුදහන් වෙමින් පවතින බව හඟවන සාධකයි.
නොදැනීම දෑසට කදුළක් නැගුනේ, බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයටත් අනිත්‍යතාව නම් පොදු ධර්මතාව නිසා "ගෞතම බුද්ධ සාසනය" නමැති පහන් සිළ නිවී යාමට ඉතා ආසන්න බව වැටහීමෙන්ද, නැතිනම් තවමත් සසරින් මිදී නොමැති මා, මේ සාසනය මඟ හැරුනොත්, තව කල්ප ගණනකින් ප්‍රමාද වීමට ඉතා අසන්න බව වැටහීමෙන්ද යන්න ගැන නම් බොහෝ වේලා යනතෙක් කල්පනා කළා මතකයි.
"සංසාරය" නමැති ඉමක් කොණක් නොපෙනෙන සයුර තරණය කරන්නට තිබුන "තථාගත ධර්මය" නමැති එකම යාත්‍රාවටත් අනිත්‍ය බව උරුම වන බව නේද උන්වහන්සේ පිරිනිවන් මංචකයේදී පවා දේශනා කළේ?
පෙර කවරදාකටත් වඩා සංසාර භයක් සමඟ අනිත්‍ය සංඥාව සිතේ ප්‍රභලව වැඩුනා මතකයි............
සිතක ඇතිවන සිතුවිලි ධාරා බ්ලොග් අවකාශයේ මෙලෙස අකුරු කරන්නට, සභාවෙන් අවසරයි !
Saturday, November 1, 2014
Sunday, July 27, 2014
ඔවුන්ට සංසාරය තව බොහෝ දුරයි.......
"දැනුම බලය වේ...." අපි පොඩි කාලේ ඉඳලම හොදට අහලා පුරුදු වචන ටිකක් නේද? ඒත් මට පොඩි කාලෙ ඉඳලම තිබුන ප්‍රශ්නයක් තමයි "දැනුම" කියන්නේ මොකක්ද කියලා. උපාධියක් තියෙනවා නම් ඒ කෙනා තමයි දැනුම තියෙනවා කියලා මම හිතපු කාලයක් තිබුනා. අන්තිමට උපාධියකුත් ගත්ත කියමුකෝ. ඊ ළගට හිතුවා ඊට වැඩිය ලොකු උපාධියක් ගත්තම දැනුම සම්පුර්ණයි කියලා. ඒත් දැන් තේරෙනවා ඒකත් වැරදි කියලා.......
හිතට පුරවා ගන්නා හැමදේකින්ම උනේ හිතේ බර වැඩි වීම විතරයි. අපි දැනුම සොයා යන්න හිතන තැන, විශ්ව විද්‍යාල වල ඉන්න උගත් මහාචාර්ය, ආචාර්‍ය වරු කොයි තරම් දැනුම නිසා හිත බර කරගෙන ඉන්නවද?. තමන්ගේ උගත්කම නිසා "මම" කියන දේ කොයි තරම් ඒ මහත්වරු දැඩිව අල්ලාගෙන ඉන්නවාද ? බටහිර විද්‍යාව කියන අන්ධකාරය "මගේ " කරගෙන තව බොහෝ කල් සංසාරේ ඇවිදින්න "ඉන්ධන" එකතු කරගන්නවා නේද කියලා ඇත්තටම හිතට අනුකම්පාවක් දැනුනා..... තමන්ගේ අදහස හරි කියන මතයේ තදින්ම එලබ ගන්න ප්‍රධාන හේතුවක් තමයි මේ "අවිද්‍යාව" පිලිබඳ ලබා ගන්නා උපාධිය කියන්නේ. මේ රටාවෙන් බැහැරට යන පින්වත් ආචාර්‍ය මහත්වරු හරිම අඩුයි. (වාසනාවකට එහෙම අය නැතුවාම නොවේ )
උපාධි ලබා ගන්නා පිරිසත් අන්තිමට සිදු කරන්නේ තමන්ගේ ගුරුවරුන් පාරේම යමින් අවිද්‍යාව පිළිබඳ ලබාගත් උපාධියෙන් හිතේ බර වැඩි කරගැනීමයි. මම ඉංජිනේරුවෙක්, දොස්තර කෙනෙක් කියලා හිතාගෙන පොළවේ පය ගසන්නේ නැති පිරිසක් ලෙස හැසිරීමයි.
මම 2007 කාලේදී මට තිබුන අසනීපයකට බෙහෙත් ගන්න පේරාදෙණිය රෝහලේ සායනයකට ගියා. රෝගීන් ප්‍රමාණය වැඩි නිසාම ගොඩක් වතාවල් වලදී ඔවුන් සිටගෙන සිටින ආකාරය අනුව දොස්තර මහත්වරු ඇවිද යන මාර්ගය අවහිර වෙනවා. ලොකු දොස්තර මහත්වරු රෝගීන් අතරින් රිංගා අදාළ සායනයට පැමිණෙන අතර, සුදු කබාවලින් සැරසුන දොස්තර වීමට ඉගෙන ගන්නා පිරිස පැමිණෙන්නේ අසරණ රෝගීන්ට දොස් පවරමින්. ඔවුන් පුරුදු කරන "මාන්නය" ඒ තරම් වැඩියි. ඉතින් දැනුම බලය වේ ද?
අවිද්‍යාව ඉගෙනීමෙන් ලබා ගත් උපාධිය අතහරින්න. එය සමාජයට සේවයක් සිදු කිරීමට පමණක් යොදාගන්න. ඔබ උපාධියක් ලබාගන්නා විට, ඔබේම යහළුවන් විභාග අසමත්ව, ජීවත් වීමටවත් විදියක් නොමැතිව දුක් විදින්නේ ඇයිදැයි කල්පනා කරන්න. ඔවුන්ට ඔබ සමඟ පැමිණීමට නොහැකි වූ හේතු සිතා බලන්න. ඔබ මාර්ගය දකින්න.
මේ සටහන් ලියන්නේ කිසිම කෙනෙකුට රිදවන්න හිතාගෙන නම් නෙමේ. ඇත්තටම එවැනි අය දැක්කාම හිතේ ඇතිවෙන අනුකම්පවෙනුයි. ඔවුන්ට සංසාරය තව බොහෝ දුරයි.......

Saturday, June 21, 2014
ඔබේ අවසාන ඉලක්කය කුමක්ද?
පූජ්‍ය අචාන් චා හිමියන්ගේ "මේ භාවනාවට කාලයයි" (පරිවර්ථනය - ප්‍රදීප්කුමාර බාලසූරිය මහතා. ISBN 978 955 667 129 2) කෘතිය කලෙකින් කියවන්නට ලැබුන හොඳ කෘතියක් ලෙස සලකමි. පුජ්‍ය අචාන් චා හිමියන් විසින් විවිධ අවස්ථාවලදී දේශනා කරන ලද අගනා දහම් පඩුරක් මේ කෘතිය මගින් පාඨකයාට හිමි වේ. බෞද්ධ අබෞද්ධ කාටත් මෙහි අන්තර්ගතය වැදගත් වේ යැයි සැලකිය හැකිය. එහි සඳහන් පහත කථාව අප සියලු දෙනාට වැදගත් වේ යැයි සිතුන නිසා එය මෙලෙස සාරාංශ කොට පළකරමි.
ව්‍යාපාර සම්බන්ධ උපදෙස් සපයන බොහෝ සාර්ථකත්වයට පත් එක්තරා මහාචාර්යවරයෙක් දුප්පත් මසුන් මරන්නන් වෙසෙන ගම්මානයක සංචාරය කරන අතර, උදැසනම පැමිණ මසුන් මරන්නෙකු සමඟ සංවාදයකට වැටින.
"ඔබ උදැසනම පැමිණ මසුන් මරා ඉන්පසු කරන්නේ කුමක්ද?" මහාචාර්යවරයා ඇසීය.
"මම මේ මසුන්ගෙන් ගෙදරට අවශ්‍ය ප්‍රමාණය ගෙන, ඉතිරි ටික විකුණනවා. ඉන්පසු ගෙදර ගොස් මගේ බිරිඳ හා දරුවන් සමඟ දිවා ආහාරය ගෙන, ටිකක් නිදා ගන්නවා. ඉන්පසු සවස මගේ දරුවන් සමඟ ටිකක් සෙල්ලම්කර, හවස සමාජ ශාලාවට ගොස් මධුවිතෙන් සප්පායම් වී යාළුවොත් එක්ක ගිටාරය වයමින් විනෝද වෙනවා. ඉන්පසු රෑ බෝ වී නිවසට ගොස් හොදින් නිදා ගන්නවා" යැයි මෙම අව්‍යාජ ධීවරයා පැවසීය.
මොහුට නොමිලයේ උපදෙස් කිහිපයක් දීමට ආශාවක් පහල වූ මහාචාර්යවරයා මෙලෙස පැවසීය.
"ඔබට පුළුවන් උදෑසන සිට සවස් වන තුරු මසුන් මරන්න. එයින් ඔබට දැන් ඔබ ලබනවා මෙන් කිහිප ගුනයක අදායමක් ලබා ගත හැකියි. ඔබට එම මුදල් ඉතිරිකොට මෝටර් බෝට්ටුවක් ලබාගෙන පිරිස සමඟ වැඩියෙන් මුදල් උපයා ගත හැකියි. අවරුදු 2ක් පමණ යන විට ඔබට දෙවන මෝටර් බෝට්ටුවද මිලදී ගත හැකියි. අවරුදු හත අටක් යනවිට ඔබ විශාල ධිවර සමාගමක හිමිකරුවෙක්. ඔබට ඔබේ සමාගමේ සම්බන්ධතා ජාත්‍යන්තරයට ගෙන යා හැකියි. ඉන්පසු ඔබට කොටස් වෙළදපොලට ඇතුළත් වන්නට පුළුවන්. මේ වන විට ඔබ කෝටි ගණනක් වටිනා සමාගමක හිමිකරුවෙක්."
"මගේ දැනුම හරි ඉහලයි. මම දුන්න ව්‍යාපාරික උපදෙස් වැරදිලා නැහැ" මහාචාර්යවරයා තවදුරටත් පැවසීය.
ධීවරයා මෙම උපදෙස් බොහෝ සිහි බුද්ධියෙන් අසා සිටියේය. ඔහු මෙලෙස ඇසුවේය.
"ඩොලර් කෝටි ගණනකින් මම මොකද කරන්නේ?"
එම ප්‍රශ්නයට මහාචාර්යවරයා තරමක් කළබල විය. ඔහු සැලසුම ගැන සිත යොමු කලා මිසෙක, එහි අවසානය ගැන සිතුවේ නැත.
ඩොලර් කෝටි ගණනක් අතේ ඇත්නම් කළහැකි දේවල් පිළිබඳව මහාචාර්යවරයා මෙලෙස පැවසීය.
"ඔබට පුළුවන් ලස්සන ධිවර ගම්මානයකින් නිවසක් මිළදී ගන්න. ඔබට පුළුවන් සුඛෝපබෝගී බෝට්ටුවක් මිළදී ගෙන, උදැසනම ගොස් විනෝදයට මසුන් මරන්න. ඉන්පසු ඔබට දවල්වෙලා ඔබේ පවූලත් සමඟ දිවා ආහාර ගෙන, කදිම නින්දක් දාන්න පුළුවන්. සවස් වී ඔබේ දරුවන් සමඟ ගතකොට අවන්හලට ගොස් මධුවිතෙන් සප්පායම් වී, ඔබේ යහළුවන් සමඟ ගිටාරය වයමින් විනෝද වෙන්නත් පුළුවන්. "
ධීවරයා එයටද හොඳින් සවන් දුන්නේය.
"ඉතින් මම දැන් කරන්නෙත් ඕකම නේ. ඒකට ඩොලර් කෝටි ගණනක් ඕන නෑ නේ?"
-- බොහෝ දෙනෙක් මුලින් සිතන්නේ ධනවත් වීම ගැන පමණි. ඒ සඳහා බොහෝ වෙහෙසෙන්නේ ධනවත් වීමෙන් පසුව ලැබෙන දේ සඳහාය. එහෙත් ඊට පෙර සිටම හිමි සිතේ සාමය ගැන නොසිතනු ඇත.

Wednesday, May 21, 2014
නුඹ හොඳ මිනිහෙක් වන දා........
අහම්බෙන් අසන්නට ලැබුණ පහත ගීතය අසා බලන්න...... සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන එම ගීතය දැන් නම් ගුවන් විදුලි නාලිකා වලින් අසන්නට නොලැබෙන තරම්.......
ගීතයේ අවසාන පද කිහිපය හොඳින් අසා බලන්න.
"නුඹ හොඳ මිනිහෙක් වන දා..... මල් පිපියන් මගෙ සිහිනේ........"
ඇත්තටම මගේ අම්මා තාත්තා මට පොඩි කාලෙදි කිව්වෙත් මේකම නේද?
කවදාවත් මට ඉංජිනෙරුවෙක් වෙන්න , තරගයන්ගෙන් දිනන්න, ලොකු තනතුරු ගන්න කියලා නැහැ.
මොන රැකියාව කරත්, හොඳ මිනිහෙක් වෙයන් කියන දේ විතරයි කිව්වෙ. ඒ නිසාමද කොහෙද, වෙනස් දැක්මත් සකස් වුනේ.....
එත් ඒ අපට තිබු ළමා කාලයේ සුන්දරත්වය අද දරුවන්ගෙන් දෙමාපියෝ විසින්ම උදුරාගෙන අවසානයි.....
අවාසනාවකට දැන් පරපුරේ සිටින දරුවන්ට නම් සමනළයෙකුට හිංසා කරනවා තියා, ඇත්ත සමනළයෙක් දකින්න තරම් වත් නිදහසක් නැතුව ඇති. එසේ නොවේ නම්, තරඟකාරී ජීවිත ගෙවන ඔවුන් පරිසරය තුළ නිදහසේ පැණි උරා බොන සමනළයෙකුගේ සුන්දරත්වය විඳින්න තරම් සෞන්ධර්යාත්මක අධයාත්මයකින් සම්පුර්ණ නැතිව ඇති.
"නුඹ හොඳ මිනිහෙක් වන දා..... මල් පිපියන් මගෙ සිහිනේ........"
ඇත්තටම මගේ අම්මා තාත්තා මට පොඩි කාලෙදි කිව්වෙත් මේකම නේද?
කවදාවත් මට ඉංජිනෙරුවෙක් වෙන්න , තරගයන්ගෙන් දිනන්න, ලොකු තනතුරු ගන්න කියලා නැහැ.
මොන රැකියාව කරත්, හොඳ මිනිහෙක් වෙයන් කියන දේ විතරයි කිව්වෙ. ඒ නිසාමද කොහෙද, වෙනස් දැක්මත් සකස් වුනේ.....
එත් ඒ අපට තිබු ළමා කාලයේ සුන්දරත්වය අද දරුවන්ගෙන් දෙමාපියෝ විසින්ම උදුරාගෙන අවසානයි.....
Tuesday, May 20, 2014
සරළ ක්‍රමයකින් PCB හදමු (How to make a PCB in simple steps)
මම මේ කියන්නේ මහා පරිමාණයෙන් Printed Circuit Board හදන විදියක් නම් නෙමේ... එදිනෙදා පරිපථ අත්හදා බැලීම් වලට සරළ විදියට PCB හදා ගන්න හැටියි. මෙම ක්‍රියාවලිය අදියරෙන් අදියරට සලකා බලමු.
1. අවශ්‍ය පරිපථ සටහන ඔබට හුරුපුරුදු මෘදුකාංගයක් භාවිතයෙන් ඇඳ ගන්න. මේ සඳහා Eagle හෝ DipTrace වැනි මෘදුකාංගයක් භාවිතා කළ හැකියි. පහත රූපය DipTrace භාවිතයෙන් ඇඳි එවන් සටහනක් දක්වයි. ඒ වගේම, විශේෂයෙන්ම උපකරණ වල සවි වන දිශාව ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. ප්‍රමාණවත් පළලකින් යුතුව රේඛා (traces) ඇඳ ගැනීමද, අවශ්‍ය ප්‍රමාණ මහතකින් පවත්වා ගැනීමද ඉතාම වැදගත්. නමුත් ගොඩක් සිහින් රේඛා සහිත PCB නිපදවීමට මෙම ක්‍රමය සුදුසු නැත.
2. මෙම පරිපථ සටහන Laser Printer ක් භාවිතයෙන් තීන්ත උරා නොගන්නා, ලිස්සන සුළු මතුපිටක් ඇති කඩදාසියක මුද්‍රණය කරගන්න. එලෙස මුද්‍රණයේදී පරිපථ සටහනේ නිවැරදි පැත්ත වනුයේ, මුද්‍රිත පැත්තේ දර්පණ ප්‍රතිබිබ්බ රුපය (mirror image) ලෙස වේ. මේ සඳහා සුදුසු කඩදාසි වර්ගය සොයා ගැනීම සඳහා මුලදී සමහර විට උත්සාහයන් කීපයක් දැරීමට සිදු විය හැකිය. (2014 සඳහා ලංකා බැංකුව විසින් නිකුත් කර ඇති දින දර්ශනය සඳහා භාවිත කඩදාසියේ අනිත් පස මම මේ සඳහා සාර්ථකව භාවිතා කලෙමි.) දැන් එම මුද්‍රිත කඩදාසිය අදාළ ප්‍රමාණයට කපාගෙන, පසෙකින් තබන්න.
3. ඔබ භාවිතා කිරීමට බලාපොරොත්තු වන තබ පුවරුව අදාළ ප්‍රමාණයට කපාගෙන, එය හොදින් පිරිසිදු කරගන්න. මේ සඳහා "0" ප්‍රමාණයේ වැලි කඩදාසියකින් මැද, "වීම්" කුඩු යොදා ජලයෙන් හොදින් පිරිසිඳු කරගන්න. අදාළ තඹ පැත්ත ඉතා හොදින් පිරිසිදුවීම ඉතාම වැදගත්. දැන් එම පුවරුවේ ඇති තෙතමනය හොදින් වේලා ගන්න.
4. කලින් මුද්‍රණය කරගන්නා ලද කඩදාසිය ගෙන, මුද්‍රිත පැත්ත තඹ පුවරුව මතට සිටින සේ තබා, රත් කරන ලද iron එකක් භාවිතයෙන් හොදින් iron කර ගන්න. කඩදාසියේ රැළි කිසිවක් නොසිටින සේ, පරිස්සමෙන් මෙය සිදු කළ යුතුය. එමෙන්ම, සම්පුර්ණ කඩදාසිය පුරාම ඒකාකාරව හොදින් iron කර ගැනීම ඉතා වැදගත් වේ. මෙහිදී, මුද්‍රණය කරන ලද තීන්ත උණු වී, තඹ තහඩුවේ ඇලීම සිදු වේ. එහෙත්, අනවශ්‍ය පරිදි තදින් රත් කිරීමත්, අඩුවෙන් රත් කිරීමත් නිසා, ඔබට අවශ්‍ය පරිදි මෙය සිදු නොවනු ඇත. දැන් එය නිමෙන තෙක් පසෙකින් තබන්න. ඇලී ඇති කඩදාසිය ඉවත් කිරීමට දැන්ම උත්සහ නොගන්න.

5. ජල බේසමක් ගෙන, කළින් සකස් කරගත් පුවරුව එහි දමා, කඩදාසිය පෙගෙන්නට හරින්න. දැන් සෙමෙන් සෙමෙන් කඩදාසිය ඉවත් කරගන්න. ඉවසීමෙන් කටයුතු කළ යුතුය.
ඉහත පෙන්වා ඇති පරිදි තවදුරටත් කඩදාසි කැබලි සුදු පැහැයෙන් ඉතිරිව පවතී නම්, ඒ සියල්ල ඉවසීමෙන් යුතුව ඉවත් කරගැනීම වැදගත් වේ. යම් ලෙසකින්, සුළු ප්‍රදේශයක traces නිවැරදිව පිහිටා නොමැති නම්, permanent marker pen 1 ගෙන කිහිප වරක් එම traces උඩ අඳින්න.
6. FeCl3 (Ferric Chloride) ගෙන, ඒවා ප්ලාස්ටික් භාජනයකට දමා (හෝ, ජලයට Ferric Chloride කැට සෙමින් එකතු කරමින්) ද්‍රාවණයක් සාදා ගන්න. Ferric Chloride අත් වල හෝ ඇඳුම් වල තවරා නොගැනීමට පරෙස්සම් වන්න. දැන් සකසා ගත් පුවරුව එම සංයෝගය තුළට දමා, දෙපසට කලතමින් හොදින් නිරීක්ෂණය කරන්න. මෙහිදී Cu, FeCl3 සමග ප්‍රතික්‍රියා කර, පුවරුවේ විවුර්ත ප්‍රදේශයේ තඹ සියල්ල දිය වීම සිදු වේ. නමුත්, බොහෝ වෙලාවක් පුවරුව මෙම සංයෝගය මත නොතබන්න. අනවශ්‍ය තඹ සියල්ල දිය වුනු පසු, පුවරුව ඉවතට ගෙන හොදින් ජලයෙන් සෝදා ගන්න.
ඉහත රුපයේ පෙනෙන පරිදි, සමහර ස්ථාන වල traces විනාශ වී ඇති බව ඔබට පෙනෙනු ඇත. නිවැරදිව iron නොවීම මෙයට හේතුව වේ. නමුත්, පරිපථය සකස් කරන අවස්ථාවේදී පහසුවෙන්ම ඊයම් යොදා මෙය පිළිසකර කරගත හැකිය.
8. දැන් 0.8mm ප්‍රමාණයේ ඩ්‍රිල් කටුවකින් කුඩා සිදුරු ද, 1mm හෝ, ඔබට අවශ්‍ය ප්‍රමාණයේ කටු යොදා, සිදුරු විද ගන්න.
ඉහත ක්‍රමයට සාදා ගත් තවත් පරිපථ පුවරුවක් පහත දැක්වේ.
ඔබට මෙවැන්නක් අවශ්‍ය වූ විට, මෙය අත්හදා බලන්න. උපකරණ සවි කිරීමට පෙර විනිවිද පෙනෙන වාර්නිෂ් තුනී තට්ටුවක් ආලේප කිරීමෙන් තඹ පටි ඔක්සිකරණය වීමෙන් අව පැහැ ගැන්වීම වලකා ගත හැක. අධිසැර විදුලි (High Voltage) පරිපථ පුවරුවක් නම්, උපකරණ පාස්සා ගැනීමෙන් පසු ෂෙලැක් අලේප කිරීමෙන් පුලිඟු (sparks) ඇතිවීම වලකා ගත හැක.
විශේෂ ස්තුතිය - යන්ත්‍රික අධිකාරී කසුන් මහතා. (මා. ස. අ.)

Subscribe to:
Posts (Atom)