Monday, October 1, 2012

සංසාර ගමන "INSURANCE" කිරීම.... (Part 02)

මම පහුගිය ටිකේ හිටියේ ජපන් වල. ඉතින් මේකේ ඉතුරු ටික ලියන්න බැරි උනා...... කතාව මෙකය්. නිකන් හිතන්න...........

මෙයාල insurance කරන්නේ අපේ මේ ජීවිතේ. එකත්, සල්ලි වලට. හැබැය් මේ කාටවත් බැහැ අපේ මරණින් මතු ජීවිතේ insurance කරන්න. මෙයාල අපට කියන්නේ සල්ලි ආයෝජනය කරන්න කියලය්. එකෙන් අපි නොදැනුවත්වම ආයෝජනය කරන්නේ තණ්හාව. ආශාව. උපාදානය. මේවට පරලොකේදී හොද පොලියක් ලැබෙනවා. ප්‍රේත ලෝකේ බැංකු වල. අපි ආශාවෙන් එකතු කරන හැම දේම අපිව තල්ලු කරන්නේ උපාදානය බහුල ප්‍රේත ආත්ම වලට. මගේ මේ අදහස් කෙනෙක්ට නොගැලපෙන්න පුළුවන්. හැබැය් මගේ ඉලක්කය, මම කවද හරි මැරෙනකොට මේ ජීවිතේට ආශාව ඇති කරන, බැදීම් ඇති කරන කිසිම දෙයක් ආයෝජනය නොකරන්නයි. මොකද, මට මගේ මරණෙන් පස්සේ ජීවත් වෙලා ඉන්න අයට ලැබෙන ප්‍රතිලාභ මතක් වෙලා, සල්ලි වලට උපාදානයක් දැනුනොත්, අර ප්‍රේත ලෝකේ බැංකු වල මම වෙනුවෙන් account open වෙන බව දන්නා නිසා........

Wednesday, August 29, 2012

සංසාර ගමන "INSURANCE" කිරීම.... (Part 01)

අද මම ගියා අපේ head office එක වුන බණ්ඩාරගම කාර්යාලයට. ඉතින් ඒ වැඩ ටික කරගෙන එනකොට ලොකු වැස්සක් වැටුනා. මේ අතරේ අපේ හසින්තට තව මොනවද උපකරණ වගයක් වාහනේට දාන්න ඕන උන නිසා, මම දොර ලග හිටගෙන බලන් හිටියා. මේ අතරේ කොහේදෝ ඉදන් ආපු ටයි පටියක් එහෙම ගැට ගහපු වැදගත් පෙනුමැති මහත්මයෙක් මගේ ලගට ආවා. මම ඉතින් වැඩිය අවට පරිසරය ගැන හොයන කෙනෙක් නෙමේනේ. මම ඒ ගැන එච්චර සැලකුවේ නැහැ. ටිකකින් මේ මහත්මයා තව ටිකක් මගේ ලගට ආවා. ඒ පාර මම හිනා උනා. ඒ මහත්මයත් වැදගත් විදියට හිනා උනා. ඒ පාර මගෙන් අහනවා,
"මහත්මයා විවහකද?"
කියලා. මට එක පාරටම කියන්න හිතුන, "ඇයි මම නාකි වගේද පෙන්නේ?" කියලා. එත්, එහෙම අහන එක හරි නැ නේ. විවාහ වෙන්න තියා, මට කියලා ඉතින් කෙල්ලෙක් වත් නැ නේ. මේ යෝධයා ඒක දන්නේ නැතුව ඇති නේ. එත්, කව්ද දන්නේ මට කෙල්ලෙක් වත් හොයාගෙන ආපු කපු උන්නැහේ කෙනෙක් ද කියලා... :-D
කෝකටත් ජාමේ බේරාගෙන මාත් වැදගත් මූණක් මවාගෙන, "නෑ" කිව්වා. ඒ පාර මේ යෝධයා කියනවා, "එහෙනම් මහත්මයට තවම ජීවිතේ ලොකු ප්‍රශ්නයක් නැතිව ඇති. එත්, අනාගතේ සැලසුම් කිරීම වැදගත් දැන්ම ඉදන්ම. අපි ලග තියෙනවා ඔබ තුමා වගේ අයට ගැලපෙන ගීවිත රක්ෂණ සැලසුම්. මට පුලුවනිද ඔබ තුමා එක්ක මේ ගැන කතා කරන්න ?"
කාලා වරෙන්කො....
මෙයාල හරියට අපේ අම්ම තාත්ත වගේ නේ. පව්. අපේ අනාගතේ සැලසුම් කිරීම තමා මේ ගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ.......... මමත් වැදගත් විදියටම "එපා, බොහොම ස්තුතිය්, මේ ගැන මගේ උනන්දුවක් නැහැ" කියලා කිව්වා. ඒ පාර ආයෙමත් ආයේමත් ඒ ගැන අහලා කරදර කරන්න මේ මහත්මයා අමතක කලේ නැහැ. බලපුවම අපේ අනාගතේ ගැන කැක්කුමක් තියෙන්නේ මේ රක්ෂණ නියෝගිතයන්ට නේ...
ඕනෑම දෙයක් කෙනෙක්ට එපා නම්, ඒ ගැන බල කරන්න යන්න හොද නැ නේ ? මගෙත් ඉතින් ඉවසීමේ සීමාව පනින්න තමා හදන්නේ. කෝ මේ හසින්ත තවම නැ නේ. මෙතැනින් යන්න තැනකුත් නැ. බැරිම තැන මමත් ඒ මහත්මයාගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. "මහත්මය හිතන්නේ, ඇයි කෙනෙක්ට ජීවිත රක්ෂණ ඕන ?"
"හදිස්සියේ ඔයාට මොකක් හරි කරදරයක් උනාම අපි සල්ලි දෙනවා."
"හොදය් එතකොට මම මැරුනොත් ?"
"එහෙම උනාම ඔයාගෙන් යැපෙන අයට ප්‍රතිලාබ ලැබෙනවා."
"ඉතින් දැන් මම මොකද කරන්න ඕන?"
"දැන්ම ජීවිත රක්ෂණයක් පටන් ගන්න".
"කොහොමද ඒ ?".
"අපි ලග තියෙන සැලසුම් වලින් එකක් තොර ගෙන, සල්ලි ආයෝජනය කරන්න".
"කව්රුත් එන්නේ ඔතනටම තමය්. අන්තිම ඉලක්කය "සල්ලි"..."
එහෙම කියනකොට ඒ මහත්මාට තේරෙන්න ඇති, මාත් එක්ක තවත් කතා කරලා වැඩක් නෑ කියලා. මේ අතරේ හසින්ත වැඩ ටික ඉවර කරගෙන ආවා නිසා, රක්ෂණ මහත්මාට ස්තුති කරලා මමත් එතනින් මාරු උනා.

එත්, මේවගේ කෙනෙක්ට නොපෙනෙන පැත්තක් තියෙනවා. මේ ගැන මගේ අදහස මී ලග පොස්ට් එකෙන් ලියන්නම්............

තැනක් යු ............

අපේ දක්ෂිණ අධිවේගී මාර්ගය තනන්න සහ එකේ මෙහෙයුම් කටයුතු සැලසුම් කරන්න ජපානයෙන් ඇවිත් අපට සහයෝගය දුන්න ජපන් මහත්තුරු දෙන්නෙක් හිටියා... "මිකුරා" සහ "කුමඩ". ඉතින් ඒ දෙන්න ඊයේ එයාලගේ වැඩ නිම කරලා, ලංකාවෙන් ජපානෙට යන්න පිටත් උනා. එයාලගේ සහයෝගය ගොඩක් වැදගත් උනා අපට. දුර රටකට ඇවිත්, අපේම කෙනෙක් වගේ අපිත් එක්ක වේද කරපු එයාල දෙන්නට "සුභ ගමන්" ප්‍රර්ථනා කරනවා මුළු හදවතින්ම. Thank you... ありがとう