එක සැරේටම හිතට දැනෙන්නේ නැති උනත්, කල්පනා කරනකොට මතුපිටින් ඇති අරුතට වඩා ගැබුරු අරුතක් ඇති මේ ගීතය අසා බලන්න.
අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ, සිතුවිලි පව්වේ පෙරදිග අහසේ, හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි.....
හිමිදිරි යාමේ සිත නැමැති පව්වේ පෙරදිග, බුදුරැස් දැක ගත්තෙමි. සමාධිමත් වූ සිතක ප්‍රභාශ්වර සමාධි ආලෝකය තුලින් බුදු රුව දැක ගත්තෙමි..... සිතේ සමාධිය දියුණු වන විට කෙළෙස් තුනී වීම සමග මෙතෙක් කල් අදුරුව පැවැති සිත නමැති අහස, අරුණළු සමග ආලෝකමත් වන පෙරදිග අහස මෙන් ආලෝකමත් වීම, භාවනාව තුළින් සමාධිය දියුණු කරගත්ත කෙනෙකුට සිදුවෙන දෙයක්.
"කළුවර ගොණුකොට ගිමන් දවන මග ගමන් කළෙමි දුර සසර පුරා..." අප්‍රමාණ සද්ධාව තුළින්, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන සියළු සැක සංකා දුරු වන මොහොත (සෝවාන් අවස්ථාව) එළබෙන විට, සංසාර ගමන මොන තරම් දුක් සහිතද කියන අවබෝධය ලැබේවි. අවිද්‍යාව නිසා, මෙතුවක් කාලයක් පස්කම් සැප එක්තැන් කරගෙන දුර සංසාරය පුරා ගමන් කළ බව වැටහේවි...
"මහ කරුණාවේ සිලිල ගලා එන බුදු හිමියනි ඔබේ මෙත් දහරේ, නැහැවෙමි සසරෙහි කෙළෙස් මුදා හැර...." අවම වශයෙන් ධ්‍යාන දක්වා වත් සිත දියුණු කළ අයෙක්, මේ ලෝකයේ ඇති සියලු සැප අභිබවා යන ධ්‍යාන සුඛය වර්ණනා කරාවි. බුධ්ධානුස්සතිය දියුණු කළ කෙනෙක් නම්, ජීවිතය ගැන ආශාව පවා අත්හැර, බුද්ධ මයිත්‍රීය තුළ නැහැවෙමින් සිටීවි.......
වැරදි අඩුපාඩු ඇත්නම් සමාවෙන්න. මගේ සිතට දැනුන හැගීමක් මෙලස අකුරු කලේ.....
තවත් සිතා බලන්න. අත්දකින්න උත්සාහවත් වෙන්න....
සිතක ඇතිවන සිතුවිලි ධාරා බ්ලොග් අවකාශයේ මෙලෙස අකුරු කරන්නට, සභාවෙන් අවසරයි !
Saturday, April 19, 2014
Thursday, March 20, 2014
සිතන්නට යමක්.....
දිවයින පත්තරේ ඉන්ද්‍රජිත් සුබසිංහ මහතා විසින් පළ කරන ලිපියකින් උපුටා ගත්ත මේ කොටස එක වරක් නොව, දහස් වරක් උවද කියවා තේරුම් ගැනීම යහපත් වේවි.
:: අද නැකත් දවසක්. ඒ කියන්නේ සුබ දවසක්. භික්‍ෂුව උදෑසන පිණ්‌ඩපාතය වඩිනකොට, මෝටර් රථයක් වේගය බාලකොට භික්‍ෂුව අසලින් ගමන් කළා. භික්‍ෂුව එදෙස බලනකොට එය මංගල රථයක්. මලින් සරසලා. එහි මනමාල මහත්තයෙක් සිටියා. නැකත් බලලා, ඒ කියන්නේ සුබ දවසක් බලලා 'දුකක්' කැන්දාගෙන ගෙදරට එන්නයි මේ යන්නේ. භික්‍ෂුව එය දුකක් හැටියට දැක්‌කත් එම මනමාල මහත්තයා අද දවස දකින්නේ ජීවිතයේ ලස්‌සනම, වැදගත්ම දිනය හැටියටයි.
මේ සටහන් තබන භික්‍ෂුවගේ ජීවිතයේ සෑම මොහොතක්‌ම සුබ මොහොතක්, සෑම දවසක්‌ම සුබ දවසක්. කේන්දර නැකත් බලලා හෙම නොවෙයි. ඒවා අතහැරලා සැබෑම තෙරුවන් සරණේ සිත පිහිටවපු නිසා.
ජීවිතය ඉදිරියට කුමන කාරණයක් පැමිණියද එය භික්‍ෂුව දකින්නේ සංස්‌කාරයන්ගේ ඵලයක් වශයෙන්මයි. ඒ කියන්නේ මා විසින්ම, හේතුඵල ධර්මයන්ට අනුව සිදුකොටගත් කුසල් සහ අකුසල්වල ඵලයන් හැටියටයි. මෙතැන රාහු හෝ සෙනසුරු නැහැ. අපේ අකුසල්වල බලවත්භාවය නිසාම, තෙරුවන් සරණින් බැහැරට ගිය නිසාම, රාහු සෙනසුරු කේතු බලෙන්ම අපි අපේ හිස මතට දාගන්නවා. දැන් ඉතින් ජීවිතයම අපළයක්, හූනියමක්, එහෙම නැතිනම් කොඩිවිනයක්. තෙරුවන් සරණ අහිමිකරගත් තැනදී ජීවිතයම ප්‍රශ්න ගොඩක් තමයි.
තමන්ට තිබෙන ප්‍රශ්න ගොඩ මදිවට, තව ප්‍රශ්න ගොඩක් කරගහගන්න ගිය මනමාල මහත්තයාව භික්‍ෂුවට මතකයට නැගෙනකොට අතීතයේ සිදුවූ සිද්ධියක් මතකයට පැමිණියා. එදා භික්‍ෂුව ගිහියෙක්. වයස අවුරුදු 30ක් පමණ ඇති. එදා මම සතිඅන්ත පුවත්පතක මංගල දැන්වීමක් පළකළා. විවාහයක් සඳහා. එම දැන්වීමේ එකතැනක මෙහෙම සඳහන් කළා. 'නිහඬ විවාහයකට, ආගම දහමට කැමැති යුවතියක් සොයයි' කියලා. සති දෙකක් පමණ යනකොට විශාල පිළිතුරු ලිපි ගණනක් ලැබුණා. ඉන් තෝරාගත් ලිsපි කිහිපයකින් එකකට පිළිතුරු යෑව්වා. මා එහි සඳහන් කළේ, කිසිම විවාහ උත්සවයක් ගන්නේ නැහැ. විවාහය ලියාපදිංචි කරලා අපි අනුරාධපුරයට හෝ කතරගමට ගිහිල්ලා ආගමික කටයුතු කරලා ජීවිතය පටන්ගමු කියලා. ලිපිය අදාළ තැනැත්තියට යවලා සතියකට විතර පස්‌සේ මට පිළිතුරු ලිපියක් ලැබුණා ඇයගෙන්. එය දීර්ඝ ලිපියක්. එහි මුලින්ම මෙහෙම සඳහන් කර තිබුණා. 'ඔබ මහා චපල පිරිමියෙක්. ඔබ තරුණියකගේ බලාපොරොත්තු හඳුනන්නේ නැහැ. ගැහැණු දරුවෙක් වැඩිවියට පත්වුණ දවසේ ඇය බලාපොරොත්තුවක් ඇතිකරගන්නවා. ඒ තමයි ඇයගේ උතුම්ම බලාපොරොත්තුව. ජීවිතයේ එකම සිහිනය. ඒ සිහිනය තමයි, කවදාහරි දවසක නෑදෑයෝ වටකරගෙන මඟුල් සාරි ඇඳලා, පෝරුවට නැගලා, මුදු මාරුකරලා..... මේ සුන්දර සිහිනය හැමදාකම දරාගෙනයි තරුණියක් ජීවත්වෙන්නේ. තරුණියකගේ එම සිහිනය නොහඳුනන මනුෂ්‍යයෙක් ඔබ. ඔබ උත්සහගත්තේ තරුණියකගේ එම සිහිනය මරාදමන්නයි. ඔබගෙන් මෙයට පිළිතුරු ලිපියක්‌වත් බලාපොරොත්තු නොවන්නේ යෑයි ඇය සඳහන් කර තිබුණා. මේ ලිපිය කියවලා අහවරවෙන විට මාව තුෂ්ණිම්භූත වුණා. ඇත්තටම මම තේරුම්ගත්තා තරුණියකගේ විවාහ උත්සවයක් නමැති ඒ සුන්දර සිහිනය බිඳදමන්නයි මම උත්සහ ගත්තේ කියලා. ඇයත් මමත් අතර අහසයි පොළොවයි වගේ පරතරයක් ඇති බවයි මම දැක්‌කේ. අහසයි පොළොවයි කවදාකවත් එකතුවෙන්නේ නැහැ. ඒ නිසාමයි ඇය පිළිතුරු ලිපියක්‌වත් එවන්න එපාය කියලා සටහන් කර තිබුණේ. මේ ලිපිය කියවලා කරුණු නුවණින් මෙනෙහි කරනකොට අවංකවම මට සතුටක් ඇතිවුණා. ලෝකය සිතනවාට වඩා මම මොනතරම් දුරස්‌වද සිතන්නේ කියලා. ලෝකයාට වඩා දුරස් ආකාරයට හිතන්න මා තුළ තිබුණා වූ දක්‍ෂභාවය නිසාමයි මේ මොහොතේ මා ලෝකයාගෙන් ගොඩාක් දුරස් තැනක ජීවත්වන්නේ. නමුත් මට හොඳටම විශ්වාසයි මේ මොහොතේ ඇය ජීවත්ව සිටිනවා නම් දරුවන් කිහිපදෙනෙකුගේ මවක් හැටියට මහා දුක් කන්දරාවක් දරාගෙන ජීවත්වෙනවා ඇතිය කියලා. එදා ඒ මුල් ලිපියෙන් සිදුවූ හමුවීම, වෙන්වීමක් බවට පත්වූයේ රාහු නිසා හෝ සෙනසුරු කේතු නිසා නොව, සංස්‌කාර ධර්මයන් නිසාමයි. මගේ තිබුණු කුසල් විසින් ඒ අකුසල් වළක්‌වා දැම්මා. මට මේ මොහොතේ ඉන්න තැනට එන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි මා තුළ තිබූ ශ්‍රද්ධාවමයි එදා මාව මේ අනතුරුවලින් බේරුවේ. මගේ අතීත ජීවිතයේ මෙවැනි අනතුරු කිහිපයකින්ම බුදුරජාණන් වහන්සේගේ සරණ විසින් මාව බේරාගෙන තිබෙනවා. මේ ඉන්න තැනට එන්න.... ඒ කියන්නේ මේ සියල්ල අහම්බයක් නොවේ. සංස්‌කාරයන්ගේ ප්‍රතිඵලයන්මයි.
මේ වෙලාවේ මට නැවතත් මතකයට එනවා අද හිමිදිරියේ පිණ්‌ඩපාතය වඩිනකොට මංගල රථයේ ගමන් කළ මනමාල මහත්තයාව. 'අනේ මනමාල මහත්තයෝ, ඔබට ලැබුණ මනමාලියත් ඉහත ආකාරයෙන්ම උපාදානය බලවත් මනමාලියක් වුණෝතින් ඔබටත් දෙවියන්ගේම පිහිටයි'
මෙතැනදී 'දෙවියන්ගේම පිහිටය' කියලා කීවේ පුතේ කවදානම් ඔබට ගැලවෙන්න පුළුවන්ද කියන කාරණයයි. ගිහි පිංවතුන්ලා මිත්‍යදෘශ්ඨික සම්මුතීන්ගෙන් බැහැරවෙලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ජීවිතය පටන්ගතහොත් එම ජීවිත මොනතරම් නම් ශක්‌තිමත් සැනසිලිදායක තැනකට රැගෙන යන්න පුළුවන්ද. බලාපොරොත්තු කන්දක් ගොඩගසාගෙන එම බලාපොරොත්තු කන්දටම යටවී මෙලෝ සිහියක් නැතිව ජීවත්වෙන මිනිස්‌සුන්ට මඟ නොමඟ කියාදෙන උතුම් ධර්මයක හිමිකාරීත්වයට පිංවත් ඔබ සුදුසුයි. කළ්‍යාණ මිත්‍ර ඇසුරම සොයන්න. සද්ධර්ම ශ්‍රවණය සිදුකරන්න. ඇසෙන්නා වූ ධර්මය නුවණින් මෙනෙහි කරන්න. එය ඔබේ ගමනක ආරම්භය වනු ඇත :::
- Sunday Diwaina (Maha Rahathun Wadi Maga Osse)

Tuesday, February 18, 2014
හිතට දැනුන කථාවක්....
මේක උපුටා ගත්තේ මෙතනින්.
මේ වගේ ආඩම්බරකාර අය අද කොච්චර නම් ඉන්නවද? තමන්ගේ අම්මා තාත්තා කොහොම අය උනත්, කොච්චර දුප්පත් උනත්, තමන් මේ ලෝකෙ අද ඉන්න තැනක ඉන්නේ එයාල නිසයි.......

Monday, February 17, 2014
සුනඛ යාළුවා.....
අපේ quarters වල ඉන්නවා පොඩි බලු පැටියෙක්. බලු පැටියෙක් කිව්වට ස්ත්‍රී ජාතියේ කෙනෙක්. උඩින් තියෙන රූප රාමුවේ ඉන්නේ එයා තමයි. තවම වැඩි වයසක් නැ. මාස 5 ක් විතර ඇති. මේ යාළුවා විශේෂ කෙනෙක් කියල හිතෙනවද?
මේ කෙනාට තියෙන්නේ නිමා නොවන බඩගින්නක්. කෙටියෙන්ම කිව්වොත්, බඩජහරියෙක්. අසීමිත විදියට දෙන ඕන තරමක් මෙයා කාවි. ඒ වගේම පුදුම කලබලේකින් මෙයා කෑම කන්නෙත්. නිමා නොවන කුසගින්නකින් මේ යාළුවා පීඩා විදින්නෙ. ඒක මෙයාගේ හැසිරීම ටිකක් නිරීක්ෂණය කළාම මට තේරුණා.....
ටිකක් හොදින් බලන්න. දිග කන්, සිහින් මුහුණ, කුඩා කට, අසීමිත බඩගින්න.......
අතීතයේ කිසිම දානයක් නොදී සිටි උඩගු මනුෂයෙකුගේ ඉන්පසු කල්ප ගණනක පෙරේත ජීවිතය අවසානයේ නැවත තිරිසන් ආත්මයක් ලෙස පුනරාගමනය ඔබට පෙනේද?
මම අහලා තියෙන බණ කතාවක් මට මතක් උනා. සංසාරයේ කර්මයේ විපාක කියැවෙන මේ පොඩි කථාව කියලා දුන්නේ දරනාගම කුසලධම්ම නා හිමි විසින් The Buddhist නාලිකාවෙනුයි..
"ඔන්න අතීතයේ එක්තරා ස්වාමි පුත්‍රයෙක් තමන්ගේ සුනඛයා සමග ජීවත් වෙනවා. හැබැයි මේ ස්වාමි පුත්‍රයා තමන්ගේ සුනඛයාට බොහොම දරුණු විදියට තමයි සලකන්නේ.
ඉතින් මේ බව රටේ රජතුමාට දැනගන්නට ලැබුනා මොහු සත්ත්ව හිංසනයේ යෙදෙන බව. ඉතින් රජතුමා මේ පුද්ගලයා සහ සුනඛයා කැදෙව්වා. රජතුමාට තේරුණා කතාව ඇත්තක් බව. ඉතින් රජතුමා සුනඛයාගෙන් ඇහුවා මේ වරදට තමාගේ ස්වාමියාට දිය යුතු දඩුවම ගැන. සුනඛයා මෙහෙම කිව්වා.
' රජතුමනි මගේ ස්වාමියට පෝසත් වීමේ දඩුවම දෙන්න.'
රජතුමාට මේක ප්‍රෙහෙලිකාවක්. ඇයි පෝසත් වීම කියන්නේ දඩුවමක් නෙමේනේ. ඒ සැරේ සුනඛයා මෙහෙම කිව්වා.
'රජතුමනි, ගිය ආත්මයේ මම පෝසත් මනුෂයෙක්. ඒත් මම කිසිම දානයක් දීල නැහැ. ඒ නිසා මට මේ ආත්මයේ කෑම ලැබෙන්නේ අඩුවෙන්. මම ධනය නිසා උඩගුව ජීවත් වුනා. ඒකේ විපාක විදිහට මට මේ ආත්මය සුනඛයෙක් වෙන්න සිදු වුනා. දැන් අප්‍රමාන දුක් විදිනවා. ඉතින් මගේ ස්වාමියාටත් දිය හැකි දරුණුම දඩුවම පෝසත් වීමේ දඩුවමයි......' "
අනවබෝධය නිසා, ධනයට, බලයට, උගත්කමට, රැවටිලා අද කී දෙනෙක් සුනඛ ආත්මයට කර්ම රැස් කරනවද?
4 channel Knight rider circuit with high power outputs (12V 10A)
I never thought to make old, well known knight rider circuit with 555 and 4017 ICs in this age, but some students from Medical Faculty of University of Sri Jayawardhanapura asked to make it again....
They need simple LED running circuit to animate their something for the exhibition, and I proposed simple kinght rider LED runner to achieve the task. But, their design has fairly large number of LEDs and hence the output current capacity per channel must be large.
In the design time, I have no idea about the number of LEDs to be connected per channnel. So, I decided to make the circuit with high power outputs, make it enable for at least 10A load from each channel.
As traditional practice, I thought to setup with some BJT for output stage, but then I need to setup output current buffer amplifiers for 4017. Next option is to setup with power darlington transistors. But, one such high power darlington transistor is costs more than 100 rupees......
It is very simple idea to use MOSFETs for the output stage to do this. Here, I selected cheap IRFZ44N, which can handle fairly large load current with extremely low ON resistance. One FET costs less than Rs. 50 and have extreme boost on output current. Because MOSFETs are voltage operated devices. Any MOSFET with low ON resistance, will work for this design.
I checked this circuit with 12V 8A load per channel without having heat sinks for MOSFETs..But, it is not recommended to use this circuit with low supply voltages below 9V, because, it might be having problems to keep required gate voltage across the MOSFET to keep it fully ON.
I used vero board to make the circuit, but special care must be pay for the ground connection of the MOSFETs. They operate with high currents and have a chance to burn vero board traces or, they might get heat up. Apply a layer of lead alone the trace to make it thicker, will solve the problem.
Since, SMPS modules are so popular, I advised them to use 12V 10A Switch Mode Power Supply with this, to power up the LED system.
Here is the circuit diagram of the knight rider circuit. It can be extend up to 10 channels, by following the same design, without any problem.
Subscribe to:
Posts (Atom)